This blog is mainly for Educational purposes.Adding entertaining chapters from time to time.
Saturday, October 30, 2021
Sunday, October 24, 2021
Thursday, October 21, 2021
Wednesday, October 20, 2021
Sunday, October 17, 2021
Saturday, October 16, 2021
Friday, October 15, 2021
සිත මූලයයි . "ධම්ම පදයෙන් " - යමක වග්ගය - ගාථා
මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති චක්කංච වහතෝ පදං
සිතිවිලි ඇති වන්නේ සිත මුල් කොට ගෙනයි. සිත ප්‍රධාන යි. එසේ ම සිත මූලයයි.
සිතිවිලි සිත ශ්‍රේෂ්ඨ කොට පවතී. සිතින් ම උපදී.
එනිසා අයහපත් සිතිවිලිවලින් යුතුව කිසිවක් කියයි නම් හෝ කරයි නම් හෝ ගැල අදින ගොනකුගේ පාදය අනුව ඉදිරියට ඇදෙන රෝදය සේ දුක ඔහු පසුපස ලුහුබඳී.
බුදුදහමේ විස්තර කෙරෙන ආකාරයට සිත ඉතාම ප්‍රධාන ඒ වගේම ඉතාම වැදගත්ම අංගයක් හැටියටයි සැලකෙන්නේ.
සිත ඇතුළත උපදින සිතිවිලි අනුව් පුද්ගල චරිතය මෙන්ම පුද්ගල හැසිරීම පවා තීරණය වෙනවා. සිතිවිල්ලකින් තොරව කිසිවකුට කිසිවක් කළ නොහැකියි. ඒ ඇතිවන සිතිවිල්ලේ ස්වභාවය අනුව අදාළ අවස්ථාවේ පුද්ගල හැසිරීම තීරණය වන බව පැහැදිලි කරගත යුතුයි.
සිතිවිලි ඇතිවීම සිතෙන් සිදු වන්නාක් මෙන් ම ඒ සිතිවිලිවල ස්වභාවය තීරණය වන්නේ ද සිත ඒ අවස්ථාවේ ඇති තත්ත්වය අනුවයි . ඒ තත්ත්වයේ වගකීම බාරගත යුතු වන්නේ සිත හිමි අයමයි.
සිත, විවිධ තීරණවලට එළැඹෙන්නේ සිත හිමි පුද්ගලයාගේ ම සියුම් අණ දීම් හේතු කොට ගෙන බවද පැහැදිලි කර ගත යුතුයි. ඒ අණ දීම් නිකුත් වන්නේ සිත තුළම ඇති වන විවිධාකාර අනුකූලව බවද තේරුම් ගත යුතුයි.
මිනිස් සිත විසින් මිනිසකුගේ මුළු මහත් ජීවිතයම පාලනය කරන බව අප විසින්ම පැහැදිලි කර ගැනීම ඉතාම වැදගත්.
මිනිසා විසින්ම බල කොට තමන්ගේම සිත තුළින් බිහි කර ගන්නේ අයහපත් සිතිවිලි සමුදායන් නම් ඊට අනුගතව ඇති වන්නේ අයහපත් ක්‍රියාකාරී බවක්. ඒ අනුව ඇති වන ප්‍රතිඵලයත් අයහපත් වීම වැළැක්වීම කළ නොහැකි දෙයක්.
සාමාන්‍යයෙන් අප 'පවක්' ලෙස හඳුන්වනු ලබන්නේ එවැනි අවස්ථාවක්. ඒ අනුව අප තේරුම් ගැනීමට උත්සාහ කළ යුත්තේ 'පවක්' කිරීම යනු ඉබේම සිදු වන්නක් නොව අප දැනුවත්ව අප විසින්ම සියුම් ආකාරයෙන් සැලසුම් සහගතව සිදු කරන්නක් බවයි.
අප නිතර උත්සාහ කළ යුත්තේ 'පවක්' සිදු වීමට ඇති ඉඩකඩ අහුරාලීමටයි.